අදත් වැස්ස දෙයි වැඩේ

අදත් වැස්ස දෙයි වැඩේ

ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි.

වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

COMMENTS