වී වගාව විනාශ කරන දළඹු උවදුර

වී වගාව විනාශ කරන දළඹු උවදුර

දිස්ත්‍රික්ක කිහිපයක හෙක්ටයාර් 20,000ක පමණ වී වගාවට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ කෘමි විශේෂ 3ක් හේතුවෙන්.

සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා සහ කොළ හකුලුවන දළඹු උවදුර මෙලෙස පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා.

උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත්වලින් මෙම උවදුර වාර්තා වෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් ගොවීන්ට උපදෙස් දෙන්නේ මෙම කෘමීන්ට නිර්දේශීත පලිබෝධ නාශක පමණක් යෙදීමට පියවර ගන්නා ලෙසයි.