ලොවක් ආදරය කරන සෙලීනා ගෝමස්ගේ අලුත් ආදරේ

ලොවක් ආදරය කරන සෙලීනා ගෝමස්ගේ අලුත් ආදරේ

ලොවක් ආදරය කරන සුපිරි හොලිවුඩ් තාරකාවක් වන Selena Gomez මේ දිනවල හොලිවුඩයේ පුවත්වල සිරස්තලය බවට පත්වී තිබෙනවා.

ඒ ඇයගේ ආදර සබඳතාව ගැන හෙළිදරව් කිරීමත් සමගයි.

Benny Blanco නම්වූ හොලිවුඩයේ නිෂ්පාදකයෙකු සමගින් ආදර සබඳතාවක සිටින බවයි Selena Gomez සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී ඇත්තේ.

Selena Gomez සහ Benny Blanco ආදර කතාවේ සැළකිය යුතු අවස්ථා ගණනාවක් ගැන විදෙස් මාධ්‍යද සඳහන් කර තිබුණේ මේ අනුවයි.

2015 ඔක්තෝම්බර් මාසයේදී Selena Gomezගේ ‘Revival’ ඇල්බමයේ ප්‍රසිද්ධ ගීත වූ “Same Old Love” සහ “Kill ‘Em With Kindness” යන ගීත නිෂ්පාදනය කර තිබුණේ Benny Blanco විසින්.

පසුව 2019 මාර්තු මාසයේදී “I Can’t Get Enough” ගීතයටද Selena සහ Benny එක්ව කටයුතු කර තිබෙනවා.

2020 ඔක්තෝම්බර් මාසයේදී Benny, Justin Bieber සමග කටයුතු කරන ලද අවස්ථාවේදී Selenaගේ රසිකයන් Benny, Selena වෙත දක්වන කැමැත්ත ගැන අදහස් දක්වා තිබුණා.

ඒ අනුව මේ වසරේ සෙලීනාගේ 31 වන උපන්දිනයේදී ඇය Benny සමග ගත් ඡායාරූප හුවමාරු කරගෙන තිබූ අතර ඒ නිසා සම්බන්ධය ගැන රසිකයන් අදහස් දැක්වීමට පටන් ගත් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම දෙසැම්බර් 07 වනදා Selena පැළඳගෙන සිටින දියමන්ති මුද්දක ”B” අකුර සටහන් වී ඇති අතර ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

http://tinyurl.com/39r5dk24

COMMENTS