බණ්ඩි පොහොර උපරිම සිල්ලර මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට

බණ්ඩි පොහොර උපරිම සිල්ලර මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ 2023 මහ කන්නය සඳහා දැනට පවතින සියලු පොහොර ප්‍රමාණයන් පිළිබඳ පෙරේදා (12) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවේදීයි.

මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී තිබෙනවා

යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර බණ්ඩි පොහොර සඳහාවන මිල ගණන් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන් බවයි පැවසෙන්නේ

මේ අතර පසුගිය කන්නවල දක්නට නොලැබූනු අයුරින් මෙවර මහ කන්නයේ දී ප්‍රමිතියෙන් යුත් ඉහළ කාබනික පොහොර සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ප්‍රකාශ කරනවා .

එමෙන්ම පොහොර සමාගම් දෙකට අමතරව පුද්ගලික අංශය විසින් අලෙවි කරන ප්‍රමිතියෙන් ඉහළ කාබනික පොහොර ගොවි ජනතාව විසින් මෙවර මහ කන්නයේ දී වැඩිපුර මිල දී ගන්නා බවයි වාර්තා වී තිබෙන්නේ

ප්‍රමිතියෙන් ඉහළ කාබනික පොහොර වැඩිපුර භාවිත කිරීමට ගොවීන් පෙළඹීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් ලෙස සඳහන් කළ අමාත්‍යවරයා සාර්ථක වී අස්වැන්නක් සඳහා කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර ද යම් ප්‍රතිශතයක් අනුව යෙදීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී සඳහන් කර සිටියා .

COMMENTS