පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට දේශබන්දුගෙන් නියෝගයක්

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට දේශබන්දුගෙන් නියෝගයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත්කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා වෙනම කොට්ඨාශයක් පිහිටුවන ලෙසයි.

මහජනතාවට මේ සම්බන්ධව 0112300637 යන දුරකථන අංකය ඔස්සේද , 0112381045 ෆැක්ස් අංකය ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මේ අතර සුරක්ෂිත හෙට දවසක්” මැයෙන් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් සහ ලිංගික අපචාරවලින් දරුවන් බේරාගනීඅම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍යා නානායක්කාර, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා නයනි සුදසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ, ඇතුළු මහත්ම මත්මීන් රැසක් එක්ව තිබේ.