දුරකථන මිල වැඩිවෙන ලකුණු

දුරකථන මිල වැඩිවෙන ලකුණු

ඉදිරි කාල සීමාව තුළ දුරකථන මිල ඉහළ යෑමට ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

එකතු කළ අගය හෙවත් වැට් බද්ද පෙරේදා (12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග මෙලෙස දුරකතන මිල ද ඉහළ යා හැකි බවයි සඳහන් වෙන්නේ.

ජනවාරි මාසයේ සිට මෙම මිල ගණන් ඉහළ යා හැකි අතර වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි දුරකථන අළෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.