දුම්රිය ගැන සාකච්ඡාවක්

දුම්රිය ගැන සාකච්ඡාවක්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපාන රජය සමඟ සාකච්ජා කරමින් සිටින බවයි.

මෙම ව්‍යාපෘතියේ මුලික කටයුතු ආරම්භ කළේ 2019 අප්‍රේල් මසයි.

එ‍මෙන්ම 2020 වසරේ දෙසැම්බර් 31වන දින මෙම ව්‍යාපෘතිය අවලංගු කළා.

මේ සඳහා ඉඩම් අක්කර හෙක්ටයාර 22ක් හඳුනාගෙන තිබුණා.

නමුත් ඊට අදාළ වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ ඇස්තමේන්තු ගත මුදලට වඩා වියදමක් දැරීමට සිදුව ඇති හෙයින් යළි ව්‍යාපෘති වියදම ඇස්තමේන්තු ගත කිරීමට ජපානය සමඟ පැවති සාකච්ඡාවක දී අවධානය යොමුව තිබෙනවා.

COMMENTS