අගමැතිගේ තානාපති හමුව

අගමැතිගේ තානාපති හමුව

අද(14) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් හමුවුණා.

ඒ අරලියගහ මන්දිරයේදී යි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ දෙරට ද්විපාර්ශවික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ගැන අදහස් හුවමාරු වූ බවයි.

ඊයේ(13) විවෘත කෙරුණු රැකියා දහසකට අධික සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන ඩෙන්මාර්ක ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තශාලාව පිළිබඳව මෙහි දී සාකච්ඡා කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා.

පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඩෙන්මාර්කය ලබා දුන් සහයට ස්තූතිය පළ කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

COMMENTS