IMF දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලැබෙයි

IMF දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවය.

COMMENTS