හිටපු සෙබළුන් තිදෙනෙකු ලිංගික අතවරයකට වැරදිකරුවන් වෙයි

හිටපු සෙබළුන් තිදෙනෙකු ලිංගික අතවරයකට වැරදිකරුවන් වෙයි

කාන්තා සෙබළියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට හිටපු සෙබළුන් තිදෙනෙකු වරදකරුවන් බව ජපාන අධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

24 හැවිරිදි Rina Gonoi, 2022 දී යූ ටියුබ් හි ඇගේ කතාව ප්‍රචාරය කිරීමෙන් පසුව ඇයට සාධාරණයක් ලබාදෙන ලෙස පවසමින් මහජන විරෝධයක් ඇති වූ බව සඳහන්.

පසුව මෙම ගැටලුව ජාත්‍යන්තර අවධානයට ලක්වීමෙන් අනතුරුව මෙම සුවිශේෂී තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ෆුකුෂිමා නීති නිලධාරීන් මාර්තු මාසයේදී මෙම පුද්ගලයින් තිදෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සංස්කෘතියට මුල් තැනක් හිමිව ඇති ජපානයේ ලිංගික හිංසනයට එරෙහිව කතා කිරීම දුර්ලභ වන අතර ඒ ගැන කතා කිරීම තහනම් දෙයක් ලෙස නම් කර තිබෙනවා.

එවැනි බොහෝ සිදුවීම් වාර්තා නොවන අතර මෙම මාතෘකාව මෑත වසරවලදී ජාතික අවධානයට ලක්ව ඇත්තේ මේ සිද්ධියෙන් පසුව බවයි දැක්වෙන්නේ.

රට තුළ ලිංගික අපරාධ නීති ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජූනි මාසයේ සිට ජපානයේ ලිංගික අතවර පිළිබඳ ලබාදුන් පළමු ප්‍රධාන තීන්දුව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

http://tinyurl.com/m9a9vzza