වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන සොයන්න කමිටුවක්

වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන සොයන්න කමිටුවක්

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබද පරික්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

කිසිදු අභියාචනයක් නොසලකා රාජද්‍රෝහියෙකු යැයි චෝදනා කොට හෙන්රි පේද්‍රිස් ඝාතනය කරන විට 27 වන වියේ පසුවුණා.

යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති පරිදි හෙළි නොකළ පරිශ්‍රයක ඔහු ආදාහනය කර තිබෙනවා.

මෙම ඝාතනය එවකට මෙරට පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සැලැස්මක ප්‍රථිපලයක් ලෙස පසුව හඳුනාගැනුණා.

ඒ අනුව මෙම ඝාතනය පිළිබද සැබෑ තොරතුරු හෙළිකරගෙන ඔහුට යුක්තිය ඉටු කිරීම සදහා කරුණු අධ්‍යයනය කර අමාත්‍යමණ්ඩලයට නිර්දේශක ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිවුණා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සහභාපතීත්වයෙන් එම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.