දේවගැති ජෙරොම් යළි රිමාන්ඩ්

දේවගැති ජෙරොම් යළි රිමාන්ඩ්

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් තවදුරටත් ලබන 27දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) නියෝගකරනු ලැබුවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය දෙසැම්බර් 01වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී අද දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

COMMENTS