තැපැල් සේවාව ඉදිරියේදී ඩිජිටල් වෙයි

තැපැල් සේවාව ඉදිරියේදී ඩිජිටල් වෙයි

තැපැල් සේවක වර්ජන හේතුවෙන් ජනතාවට සිදු වන පීඩාව වලක්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවා සැපයීමට බලාපොරොත්තුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ නිවසට ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳ ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බවයි ඔහු කියා සිටියේ.

එසේම වර්ජනය හේතුවෙන් දඩ පත්‍රිකා ගෙවීමේ දී සිදු වන අපහසුතා සම්බන්ධයෙන්ද ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවා සැපයීමට අපේක්ෂා කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

COMMENTS