ලබන වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්

ලබන වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්

ලබන වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ඊට සමගාමීව යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වුණා.

එම කාරක සභාව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී සඳහන් කෙරුණේ ඉදිරි වසරේදී ධනවත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවයි

එමෙන්ම වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේදී එම සංචාරකයින් පිළිගැනීමට මෙරට සාමාන්‍ය සමාජය සූදානම් කළ යුතු බවද එහිදී කමිටුව පෙන්වා දුන්නා.

මේ අනුව සංචාරකයින්ගෙන් මුදල් වංචා කිරීම ආදිය නවතා සංචාරකයින් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි

මීට අමතරව ප්‍රාදේශීය මට්ටමෙන් පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැදගත් වන බවද කමිටුව මෙහිදී පෙන්වා දී තිබෙනවා