පාසල් ළමුන් අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය අලෙවියක

පාසල් ළමුන් අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය අලෙවියක

යාපනය නඟරයේ පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති අසල මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ලඟ තිබී ඊයේ (11) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුට වයස අවුරුදු 32ක්.

විමර්ශනවල දී අනාවරණය වූයේ සැකකරු මත්ද්‍රව්‍ය කුඩා පැකට් 800කට සකස් කොට එක් පැකට්ටුවක් රුපියල් 250 බැඟින් සිසුන්ට අලෙවි කර ඇති බවයි.

සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.