දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 2800න් 1500ක් වැසිලා

දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 2800න් 1500ක් වැසිලා

ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 2800න් 1500ක් වැසී ගොස් ඇති බව පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය හෙළි කරනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් මෙරට වෙළදපොළට පැමිණීම නතර කළ යුතු බවයි.

දේශීය කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද ඔවුන් මෙහිදි ඉල්ලා සිටියා.

කෙසේ වුව ද මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දහසක් වනවා.

පොල්තෙල් කිලෝ එක්කෝටි හැත්තෑ හත්ලක්ෂ හැත්තෑපන්දහස් නවසිය අසූතුනක් ආනයනය කර ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7891ක්.