තවදුරටත් පවතින නිල්වලා ගඟේ අවදානම

තවදුරටත් පවතින නිල්වලා ගඟේ අවදානම

අයහපත් වැසි සහිත කාලගුණයත් සමඟ තවදුරටත් නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නිල්වලා ගඟේ තල්ගහගොඩ මාපකයේ ජල මට්ටමේ ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.

එමෙන්ම පානදුගම ජල මාපකයේ ජල මට්ටම තරමක් පහත බසිමින් පවතින බව වාර්තා වෙනවා.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙකුත් ගංඟා ආශ්‍රිතව ඟංවතුර අවදානමක් නැති බවයි.