අලුතින් VAT එකතුවෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව

අලුතින් VAT එකතුවෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව

2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර තිබෙනවා.

මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්,

මේ අතර සම්මත කළ කෙටුම්පතත් සමග වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේ.

විදුලිය සහ විදුලි බෙදාහැරීම්, බොර තෙල්, භූමිතෙල්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ වැට් බද්දෙන් නිදහස්කර තිබේ.

එමෙන්ම රෝද පුටු, කිහිලිකරු, කෘත්‍රීම අත් පා සහ ශ්‍රවණාධාර උපකරණද වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ යටතට අයත් වෙයි.

රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් රෝහල් සත්කාරක සේවා, රසායනික පොහොර හැර අනෙකුත් පොහොර වර්ග මෙන්ම අත් යන්ත්‍ර රෙදිපිළිද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

එමෙන්ම කුලී රථ හා සංචාරක ප්‍රවාහන රථ හැර අනෙකුත් පොදු ප්‍රවාහන ප්‍රවාහන සේවා සහ මූල්‍ය සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් වෙයි.