අද සවසත් ප්‍රදේශ රැසකට වැසි

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව,ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

COMMENTS