අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ සිට

අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ සඳහා පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටලු සහ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ප්‍රතිලාභීන් දාහතර ලක්ෂ 69,032 ක් සඳහා ඔක්තෝම්බර් මස වාරික මුදල් ගිණුම්ගත කර අවසන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.