සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව වැසෙන ලකුණු

සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව වැසෙන ලකුණු

සංක්‍රමණිකයින් බඳවාගැනීම අඩුකිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව සැලැස්මට අනුව සිසුන් සහ අවම වෘත්තිය නිපුණතාව සහිත වූවන්ට දැඩි වීසා නීති පනවා ඇති බවයි.

ඕස්ට්‍රෙිලියාවට සංක්‍රමණය වන පිරිස්වල වාර්තාගත වැඩිවීමක් මේ වන විට වාර්තා වෙනවා.

නිවාස සහ යටිතල පහසුකම් වෙනුවෙන් රජයට අමතර වැයක් දැරීමට සිදුවීම මත අදාළ පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඕස්ට්‍රෙිලියාවට වාර්ෂිකව පැමිණෙන සංක්‍රමණිකයින් 250,000ක පිරිස 125,000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

2022 සිට 2023 වසර අවසානය වන විට සංක්‍රමණිකයින් 510,000ක් පැමිණිය හැකි බවට අනුමාන කිරීමෙන් අනතුරුව අදාළ නව සැළැස්ම ඔස්ට්‍රේලියානු රජය විසින් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.