වැට්බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට්බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වුණා.

පනත ට පක්ෂව ඡන්ද 98යි.

විපක්ෂව ඡන්ද 41යි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම තවත් විශේෂත්වයක්.

එමෙන්ම,

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහි දී වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100යි.

විපක්ෂව ඡන්ද 55යි.

ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.