වසා දැමු කැලණියේ පීඨ අද ඇරෙයි

වසා දැමු කැලණියේ පීඨ අද ඇරෙයි

තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (11) සිට අධියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය හේතුවෙන් පසුගිය 04 වන දා වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ වසා දැමීමට පාලනාධිකාරය විසින් පියවර ගෙන තිබුණි.

ඒ අනුව අධියර කිහිපයක් යටතේ අද සිට එහි අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය,

“අපිට 5 වෙනිදා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා අපිට සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කරන්න වුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පාර්ශවයකට පැමිණිල්ලක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, අඟහරුවාදා දිනයේ 9 – 11 දක්වා ඒ වෙලාවේ කමිටුවට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. අද අදියර කිහිපයකින් විද්‍යාර්ථයින් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා කියලා විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණ පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන්ට ආරම්භ කරනවා අද. සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය 18 වෙනිදා පටන් ගන්නවා.” යනුවෙන්

COMMENTS