රාජ්‍ය සේවකයෝ හෙට බලය පෙන්නයි

රාජ්‍ය සේවකයෝ හෙට බලය පෙන්නයි

රජයේ සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෙට (12) දිනයේ ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කරන බවයි.

වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා.

රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි.

එමෙන්ම දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත්, අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

COMMENTS