නීතිඥවරයෙකුට වැඩ වරදියි

නීතිඥවරයෙකුට වැඩ වරදියි

නීතිඥවරයෙකුට එරෙහිව උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඉදිරියේ නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර ගොනු කර තිබෙනවා.

ඒ නිත්‍යානුකූල උප්පැන්න සහතියක් තිබිය දී නියමිත වයසට වඩා වසර තුනක් අඩුවෙන් යොදා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මෙලෙස අධිචෝදනා භාර දී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ නීතිඥවරයෙකු වන සුසිල් ක්‍රිෂාන් සිරිවර්ධන නැමැත්තාටයි.

ඔහු විසින් ජාතික හැදුනුම්පතක් ද ව්‍යාජ ලෙස සකස් කර ඇති බව විමර්ශන මඟින් අනාවරණය තිබෙනවා.

ව්‍යාජ හැදුනුම්පත භාවිතා කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කොට විදෙස් ගත වී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

COMMENTS