නිදොස් කොට නිදහස් කෙරූ තිළිණි

නිදොස් කොට නිදහස් කෙරූ තිළිණි

කොළඹ මහාධිකරණ අංක 04 මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිට දී 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි අද (11) දින නිදොස්කොට නිදහස් කළා.

2012 වසරේ දී සමිත් අනුරුද්ධ නමැති අයකු විසින් වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක් පවරණු ලැබුවා.

ඒ තමාට අයත් කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබා දී එය අගරු වීම නිසා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද මතයි.

අදාල මහාධිකරණ නඩු විභාගය 2021 වසරේ අධි චෝදනා ගොණු කිරීම මඟින් ඇරඹුණ අතර මේ දක්වා එහි නඩු විභාග කටයුතු සිදු කළා.

අද දින එම නඩු විභාගයෙන් අනතුරුව අධි චෝදනා පත්‍රයෙහි සඳහන් ඉහත කී අධි චෝදනාව අධිකරණයෙ හි පවත්වාගෙන යා නොහැකි බවටත්, චංචල දේපළ පැවරීමේ දී විශාල නීත්‍යානුකූල අණ පනත් ප්‍රමාණයක් පවතින බවටත්, ඒවා අනුව මෙම නඩුවට අදාළ ගනුදෙනු සිදු වී ඇති බවටත් තීරණය කළා.

දෙපාර්ශවය අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙම ගණුදෙනු සිදු වී ඇති බවටත්, පසුව එම සම්බන්ධතා අතර ප්‍රශ්න මතු වූ පසු මෙම ආරවුල පැන නැගී ඇති බවටත්, ඒ අනුව තව දුරටත් මෙකී චෝදනා චූදිත තිලිණි ප්‍රියමාලිට එරෙහිව පවත්වාගෙන යා නොහැකි බවටත් තීරණය කොට මෙම නඩුවෙන් ඇයව නොදොස් කොට නිදහස් කර තිබෙනවා.