අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ සිට

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ සිට

අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ සඳහා පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටලු සහ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ප්‍රතිලාභීන් දාහතර ලක්ෂ 69,032 ක් සඳහා ඔක්තෝම්බර් මස වාරික මුදල් ගිණුම්ගත කර අවසන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.