හල්දුම්මුල්ල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් නාය යයි

හල්දුම්මුල්ල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් නාය යයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් අද නාය ගොස් තිබෙනවා.

එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කර තිබුණා.

මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

පැවති අධික වර්ෂාව සමඟ මෙම නාය යාම සිදු වී තිබෙනවා.

COMMENTS