ආයුධය පෙන්වා උකස් මධ්‍යස්ථානයක් සුද්ද කරයි

ආයුධය පෙන්වා උකස් මධ්‍යස්ථානයක් සුද්ද කරයි

උඩුගම්පොල – නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධය පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.

එහිදී එම උකස් මධ්‍යස්ථානයෙහි සේප්පුවෙහි තිබූ රුපියල් ලක්ෂ 16ක් පමණ සහ රුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (10) උදෑසන එම ආයතනයේ සේවිකාවක් විසින් එම ආයතනය විවෘත කරනවාත් සමඟම කොල්ලකරුවන් දෙදෙනා ඊට ඇතුළු වී අනෙක් සේවිකාවන් දෙදෙනාද ආයතනයට පැමිණීමෙන් අනතුරුව ඔවුන් සතුව තිබූ සේප්පුවෙහි යතුරු ලබා ගනිමින් කොල්ලකෑම සිදුකළ බවට එම සේවිකාවන් කළ පැමිණිල්ලෙහි සඳහන් බවයි පොලිසිය පැවසුවේ.

COMMENTS