සාමාන්‍ය පෙළ 39,000ක් බුද්ධ ධර්මය අසමත්

සාමාන්‍ය පෙළ 39,000ක් බුද්ධ ධර්මය අසමත්

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කෙරිණ.

එහිදී වඩාත් කතාබහට ලක්වූ කරුණක් වූයේ බුද්ධ ධර්මය විෂයයි.

එම ප්‍රතිඵල වලට අනුව 2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු පවසන්නේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ අතර පාසල් සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන් ගණන 472,553ක්.

ඔවුන්ගෙන් උසස් පෙළ විභාගය සඳහා සිසුන් 236,041ක් සුදුසුකම් ලබා තිබෙනවා.

පසුගිය විභාගයට සාපේක්ෂව එම ප්‍රතිශතය පවතින්නේ අඩු මට්ටමකින්.

කෙසේ වෙතත්, A9 සාමර්ථ්‍ය හිමි දරුවන් ගණන 13,380ක් වන අතර එහි මෙවර වැඩිවීමක් දැකිය හැකි බවයි වාර්තා වන්නේ.