විදුලියට 2024ත් සංශෝධන

විදුලියට 2024ත් සංශෝධන

2024 ජනවාරි සිට යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී යි.

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත ලබන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනවාරි මාසයේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.

අද පාර්මේලිමේන්තු තොරතුරු කිහිපයක් පහතින්,

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට පවතින ජීවිත තර්ජන සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළා.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (09) විවාදයට ගැනෙනවා.

හංවැල්ල – කලු අග්ගල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට යළි ඊයේ විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

එහි ගිලන් වූ භික්ෂූන් වහන්සේලා 68 දෙනෙකු වැඩ වාසය කරනවා.

මෙම මධ්‍යස්ථානයේ මාස 3 ක විදුලිබිල ලෙස පැමිණි එක් ලක්ෂ හැත්තෑ හත්දහසක මුදලක් නොගෙවීම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කළා.