බිත්තර මිල ඉහළට

බිත්තර මිල ඉහළට

බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

සුදු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා.

රතු බිත්තරයක් අලෙවි වන මිල රුපියල් 53ක්.

පසුගිය දිනවල බිත්තර රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වුණා.

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පෙරේදා(07) බිත්තර තොග අලෙවිකරුවන් වෙත දැනුම් දී තිබුණේ සුදු බිත්තරයක් රුපියල් 50කට සහ රතු බිත්තරයක් රුපියල් 52ක මිලකට අලෙවි කරන ලෙසයි.

නත්තල සහ නව වසර එළඹෙමින් පවතින අතර, කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත ආහාර නිෂ්පාදන සඳහා බිත්තරවල වැඩි ඉල්ලුමක් මේ වන විට පවතිනවා.

බිත්තර මිල ඉහළ යෑමෙන් කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද ඉහළ යන බව වාර්තා වෙනවා.

එම සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් කියා සිටියේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල බිත්තර මිල ඉහළ යෑම සාමාන්‍ය බවයි.

උත්සව සමයේ දී බිත්තර මිල ඉහළ නොදමන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මීට පෙර ප්‍රකාශ කළා.