පොලීසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්

පොලීසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

එම ස්ථාන මාරු පහතින්

රත්තපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න මහතා ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස,

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයට,

කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස,

බඳවා ගැනීම් හා පුහුණු දිසාන භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර පොලිස්පතිවරයා ලෙස,

නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාර පොලිස්පතිවරයා ලෙස,

බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණය දිසාව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස,

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. පුෂ්පකුමාර මහතා දුක් ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ සිට බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස,

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී ද සිල්වා මහතා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

එමෙන්ම කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී කුමාරී මහත්මිය පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයට පත්කර තිබෙනවා.

එමෙන්ම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 08 දෙනෙකු පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.