පොල්ගොල්ල වාන් දමයි

පොල්ගොල්ල වාන් දමයි

අද (09) අලුයම සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා.

ඒ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන්.

මෙමඟින් තත්පරයට ඝන අඩි දස දහසක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙනවා.

වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ මේ හේතුවෙන් ජලාශය පහළ සහ මහවැලි ගඟ අසළ ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි.