ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.

උතුරු, දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS