නිලධාරින් 1,877කට උසස්වීම්

නිලධාරින් 1,877කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද (09) දිනට යෙදී තිබෙනවා.

නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන්.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශ මත 1877 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 489 දෙනෙකු සහ බල නැවි තනතුර දක්වා නාවිකයන් 264 දෙනෙකු උසස් කර තිබෙනවා.

නායක නැවි තනතුර දක්වා නාවිකයන් 625 දෙනෙකු සහ ප්‍රධාන සුළු නිලධාරී තනතුර දක්වා නාවිකයින් 499ක් උසස් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.