නව සන්ධානයකට සැරසෙන අර්ජුණ

නව සන්ධානයකට සැරසෙන අර්ජුණ

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග දූෂිතයින්ගෙන් සහ වංචාකාරින්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් දැනුවත් කළා.

තේරීම් කමිටු සභාපති තනතුර සඳහා උපුල් තරංග වැනි ක්‍රීඩකයින් පත් කිරීම හොඳ තීරණයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

COMMENTS