තැපෑල යළි නවතින හැඩක්

තැපෑල යළි නවතින හැඩක්

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (10) පස්වරු 4 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවකද නිරත වුණා.

මේ අතර, තැපැල් වෘත්තීය සමිති ඊයේ (08) පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක ද නිරත වුණා.

COMMENTS