ගුරුවරයෙකු අත්අඩංගුවට

ගුරුවරයෙකු අත්අඩංගුවට

පාසල් ගුරුවරයෙකුගේ ගෙවත්තේ වැසිකිළිය අසල වඟා කර තිබූ නීති විරෝධී කංසා පැළ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

දියබෙදුම පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි දී කංසා පැළ 15ක් පමණ සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 34හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ ජාතික පාසලක ආබාධිත දරුවන් සඳහා උගන්වන ගුරුවරයෙක්.

අදාළ ගුරුවරයා ගංජා පැළ පහළොව සමඟ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.