උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ අද (09) උදෑසන දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතර දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ද අදාළ පස් කන්ද ඉවත් කරන තුරු දෙමෝදර දුම්රිය ස්ථානය අසල නවතා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කඩිනමින් මාර්ගයට කඩා වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි.

මේ අතර, පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල මඩකළපුව ප්‍රධාන මාර්ගය බිබිල 32 කණුව අසල දී අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් ලුණුගල-බිබිල මාර්ගය ද යළි අවහිර වී ඇති බව වාර්තා වෙනවා.

COMMENTS