හිටපු ක්‍රිකට් නායකයෙක් නැවතත් ජාත්‍යන්තර පිටියට

හිටපු ක්‍රිකට් නායකයෙක් නැවතත් ජාත්‍යන්තර පිටියට

2024 පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණෙන බව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක Faf du Plessis සඳහන් කර තිබෙනවා.

ඔහු 2020 වසරේ එංගලන්තයට එරෙහිව කේප්ටවුන් හි දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිය අවසන් ජාත්‍යනතර විස්සයි විස්ස තරඟ කළා.

ඔහු ලොවපුරා ඇති ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා ක්‍රීඩා කරන අතර, මෙම වසරේ පැවති අයි.පී.එල් තරඟාවලියේ දී වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට පත් වුණා.

Faf du Plessis පවසන්නේ තමන්ට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසිය හැකි බවට විශ්වාස කරන බවයි.

මේ පිළිබඳව පුහුණුකරුවන් සමඟ සකච්ඡා කළ බව Faf du Plessis වැඩිදුරටත් පවසනවා.

COMMENTS