හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අවහිර වෙයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අවහිර වෙයි

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

පොලීසිය පවසන්නේ කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවයි.

මේ අතර මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

COMMENTS