සුරාසැල්වල සිදුවන වෙනස

සුරාසැල්වල සිදුවන වෙනස

සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන වෙලාවන් සහ වසා තබනු ලබන වෙලාවන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1වන උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රාකාරවයි.

එම වෙලාවන් පහත දැක්වේ.

බීම තැබෑරුම් බලපත්‍ර පෙ.ව. 10.00 සිට රාත්‍රී 9.00
විදේශීය මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර පෙ.ව. 08.00 සිට රාත්‍රී 10
සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත හෝටල් බලපත්‍ර පෙ.ව. 10.00 සිට රාත්‍රී 11
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හෝටල් බලපත්‍ර වර්ගීකරණ අනුව මධ්‍යම රාත්‍රී 12.00 හෝ අලුයම 2.00
සමාජ ශාලා සහ තානායම් බලපත්‍ර සහිත ස්ථාන ද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විවෘතව තැබිය හැකියි.

එම නිවේදනය පහතින්

COMMENTS