සඳුදා යළි විවෘත වන කැලණියේ පීඨ

සඳුදා යළි විවෘත වන කැලණියේ පීඨ

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ 03ක් යළි විවාත කරන බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.

ඒ අනුව විද්‍යාපීඨය, වානිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨය අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘතයි.

පසුගිය 5 වනදා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමුණා.

ඒ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරින් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළා.

COMMENTS