ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහයදීම සඳහා ලබාදී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වූ බවයි.

කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබා දෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුභවාදී අපේක්ෂාවෙන් පසුවන අතර එය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහාය ශ්‍රී ලංකාව වෙත තව දුරටත් හිමි වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.