විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්

විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම වාහන ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිතුමා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් කියා සිටියේ.

COMMENTS