විදුලි ගාස්තු යළි වැඩි වෙන ලකුණු

විදුලි ගාස්තු යළි වැඩි වෙන ලකුණු

විදුලිබිල අඩු කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලා සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදුලිබල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිසමට නියෝග කර තිබෙනවා.

එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ පැවසුවේ, විදුලි ගාස්තු යළිත් ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ඊයේ (07) කාරක සභාව හමුවේ පැවසූ බවයි.

මේ අතර, පවතින වර්ෂාධික කාලගුණය හමුවේ ජල විදුලිය උත්පාදනය ඉහළ ගොස් ඇති පසුබිමක කඩිනමින් විදුලිය ගාස්තු අඩු කළ යුතු බවයි ජනතාව පවසන්නේ.

වසරේ අවසන්වරට විදුලිය ගාස්තු ඉහළ නැංවුයේ, පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදා සිටයි.

කෙසේ වෙතත්, පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය 71% ඉක්මවා තිබෙනවා.

COMMENTS