ලන්ච් ෂීට් තහනම් වෙයි ද?

ලන්ච් ෂීට් තහනම් වෙයි ද?

පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරිය ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන හානි අවම කිරීමේ අරමුණින්.

මෙම නිර්දේශ කර ති‍බෙන්නේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවෙයි.

ලන්ච් ෂීට් වල අඩංගු තැලේට් නමැති පිළිකා කාරකය මිනිස් ජිවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව මෙහි දී සාකච්ඡා කළා.

මාස 6කින් ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.

COMMENTS