බලවතුන්ගේ හමුවක්

බලවතුන්ගේ හමුවක්

මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කලාපය තුළ අමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරන ඉරානයේ ජනාධිපති ඊබ්‍රහම් රයිසි මුණගැසී තිබෙනවා.

ගාසාතීරයේ ඊශ්‍රායල – හමාස් සටන උච්ච අවස්ථාවක දී මෙම හමුව සිදුවීම විශේෂයි.

ජනපති පුටින් ඉරානයේ මෙහෙරාන් නුවරට පැමිණියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමෙන් අනතුරුවයි.

ඔහු ගාසා තීරයේ තත්ත්වය, යුක්‍රේන යුද්ධය සහ තෙල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ඔපෙක් සංවිධානය සහ රුසියාව දරන ප්‍රයත්නය ගැන සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර සාකච්ඡාවේ දී ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡාවේ තේමාව රුසියාව සහ ඉරානය අතර වර්ධනය වන හමුදා සහයෝගීතාවයි.

පලස්තීන ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම අතිශය වැදගත් බව ජනපති පුටින් මෙහි දී පවසා තිබෙනවා.

පලස්තීනයේ සහ ගාසා තීරයේ ජන සංහාරයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු වන බව ඉරාන ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.