ඝාතන සැලසුමක් හෙළිවෙයි

ඝාතන සැලසුමක් හෙළිවෙයි

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙලිව තිබෙනවා.

තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු යොදවා තිබූ බවත් ඉන් එක් සැකරුවෙකු මිහින්තලා පුදබිමේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් ධම්මරතන හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ධම්මරතන හිමි,

“රටේ කියනවා එක එක කතා මාව දැනුවත් නෑ. මේ නිලධාරින් දෙන්නා ආවේ මොකටද කියලා දන්නේ නෑ. මේ උසස් නිලධාරින් කවුරුත් දන්නේ නෑ. එතකොට දැන් සති තුනක් වෙනවා. මම උපකල්පනය කරනවා ආණ්ඩුව කරවන හෝ දේශපාලඥයින් සතුටු කරන්න මේ කටයුත්ත කරන්න සුදානම් වුණා. මොකද මෙතන පොලීසිය ඉන්නවා හැමෝම ඉන්නවා. මාව මරණවා කියලා, බෝම්බ ගහනවා කියලා මට තර්ජනය කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලින් එහෙම කියලා තියෙනවා. දුරකතන මඟින්, වට්ස්ඇප් මඟින් කප්පම් ඉල්ලලා තියෙනවා. සල්ලි ඉල්ලලා තියෙනවා, මරණවා කියනවා. විවිධ ස්වභාවයන්ගෙන් තියෙනවා. මාව මරන්නනේ ඕන ඇත්තේ කට්ටියට. ඇත්ත කතා කරන නිසා.

කෙසේ හෝ ආකාරයෙන් මේ සැකය ඇති වුණා. මේ හමුදාවේ භටයෝ දෙන්නෙක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මෙයාලා දැන් එක එක කතා කියනවා. කිසිම කෙනෙක් මේ සිද්ධිය දන්නේ නෑ. සති තුනක් වෙනවා මෙයාලා ඇවිත්. එක්කෝ මම කන එකට වහ ටිකක් දාලා දෙයි. නැත්නම් මට වෙඩි තියලා, කොයි පැත්තකින් හරි බහින්න පුළුවන් තැනකින් යන්න තමා මෙයාලා ඇවිත් තියෙන්නේ. අද රාජකාරියේ හිටිය පොලිසියේ, සිවිල් ආරක්ෂක දරුවන්ට ස්තූතිය පුදකරනවා. මැරුවට කමක් නෑ. අපි ජනතාවගේ පැත්තේ.”

COMMENTS